නවක සිවිල් සේවකයින් 160 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලයට නිල වශයෙන් එක්ව තිබේ. ගුවන් හමුදාවට නවක සිවිල් සේවකයන් බඳවා ගැනීමේ නිල උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම බඳවා ගැනීම් අතරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පුද්ගලයින් 25 දෙනෙකු ද ඇතුළත් වීම විශේෂත්වයකි. රාජ්‍ය අංශයේ දිගුකාලීනව පවතින කාර්ය මණ්ඩල හිඟයට විසඳුමක් ලෙස මෙම බඳවා ගැනීම සිදුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර, සේවා කාලය තුළ විනය, අවංකභාවය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙස ඔහු නවක සේවකයන්ට උපදෙස් දුන්නේය.
















