ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් (Hathras) ප්‍රදේශයේදී 16 හැවිරිදි මිනිබිරියකට මාස තුනක් පුරා ලිංගික අතවර කර ඇයව ගැබ් ගැන්වූ 70 හැවිරිදි පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මව අහිමි වී පියා සහ සීයා සමඟ ජීවත් වූ මෙම දැරිය, දැඩි උදර වේදනාවක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමේදී ඇය මාස දෙකහමාරක ගැබිනියක බව අනාවරණය වී ඇත. පියා වැඩට ගිය අවස්ථාවලදී නිවසේදී මෙම අපරාධය සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නියාමුදීන් (Nizamuddin) නමැති සැකකාර මුත්තා පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.
















