මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතර බෝධි පරිශ්‍රයේදී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එම මහෝත්සවය අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, පූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්වහන්සේ විසින් ප්‍රධාන අනුශාසනාව සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විජිත හේරත්, නලින්ද ජයතිස්ස සහ හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරුන් ද සහභාගී වූහ.
















