වාහන ආනයනය කිරීම සඳහා රජය විසින් ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. ස්වාධීන රූපවාහිනිය (ITN) ඔස්සේ විකාශය වූ “ඔන් එයාර් පොලිටික්ස්” (On Air Politics) දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහනේදී මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට සෘජුව පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වත්මන් රජය එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන් කළේය. එබැවින් ඇතැම් පාර්ශ්වයන් විසින් දේශපාලන වාසි තකා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරුවා හරින මෙවැනි පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද ඒ මහතා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.














