මෙරට තේ වගාකරුවන් මුහුණ දී සිටින පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙමින් රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ මෙම සහනාධාරය ක්‍රමවත් සහ විනිවිදභාවයකින් යුතුව ගොවීන් වෙත සමීප කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙම සහනාධාරය හිමිවන්නේ QR කේතය (QR Code) සහිතව ලියාපදිංචි වී ඇති ගොවීන් සඳහා පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම නව ක්‍රමය හරහා සහනාධාරය සෘජුවම සැබෑ වගාකරුවන් වෙත ලබාදීමටත්, අතරමැදියන් මගින් සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමටත් රජය අපේක්ෂා කරනවා. තේ කර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම පොහොර සහනාධාර වැඩපිළිවෙළ, ඉදිරි වගා කටයුතු සඳහා තේ ගොවීන්ට විශාල සහනයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.














