විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇපලෝ රෝහල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නාවින් (V. Naveen) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (21) පවත්වා ඇති අතර, එහිදී මෙම අදහස් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය තුළ පවතින ආයෝජන අවස්ථා සහ පුළුල් සෞඛ්‍ය සේවා සහයෝගීතාවන් පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර ඇති අතර, මෙරට තුළ රෝහල් ජාලයක් පුළුල් කරමින් ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කරන බව ඇපලෝ නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.













