මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (31) සිදු කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය කිරීම සිදු කෙරෙන අතර, එහි නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී අද පස්වරු 01.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.
















