ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හා කොන්සියුලර් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජෝර්ජියාවේ ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ජෝර්ජියාවේ ටිබිලිසි නගරය සඳහා නීනෝ මක්විලඩ්සේ මහත්මියත්, බතුමි නගරය සඳහා මිඛයිල් ඩ්සාඩ්සමියා මහතාත් ගෞරවනීය කොන්සල්වරුන් ලෙස පත් කර ඇති බව තුර්කියේ අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
තුර්කියේ නේවාසිකව සිටින ජෝර්ජියාව සඳහා ශ්‍රී ලංකා තානාපති නිලූකා කදුරුගමුව මහත්මිය විසින් සැප්තැම්බර් 22 වනදා අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඔවුන් දෙදෙනා වෙත පත්වීම් ලිපි භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර සබඳතා ශක්තිමත් කිරීම, වෙළෙඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජෝර්ජියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීම මෙම පත්වීම්වල ප්‍රධාන අරමුණු වනවා.
ජෝර්ජියාවේ ශ්‍රී ලාංකික සිසුන් 400කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය වෛද්‍ය අධ්‍යාපනය හදාරන බවද සඳහන්.














