මහජනතාවගේ ඉහළ යන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සහ රෝහල්වල පවතින යටිතල පහසුකම් හිඟයන් මඟහරවා ගැනීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 2025 සහ 2026 වර්ෂයන්හිදී ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති මෙම ව්‍යාපෘති 2027 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත අතර, 2027-2031 රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ 2027 අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ද සැලසුම් කර ඇත.














