2027 වසරේ (හිජ්රි 1448) සවුදි අරාබියේ පැවැත්වෙන හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කැඳවාගෙන යාමට සහ පහසුකම් සැලසීමට සුදුසුකම් ලැබූ අනුමත චාරිකා සංවිධායකයන් (Hajj Travel Operators) 98 දෙනෙකුගේ නාමලේඛනය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හජ් සහ උම්රා කමිටුවේ උපදෙස් සහ මාර්ගෝපදේශ මත මෙම තේරීම් සිදුකර ඇති අතර, අදාළ සංවිධායක ආයතන ලැයිස්තුව හෝඩියේ අනුපිළිවෙලට සකස් කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තේරීපත්වූ සංවිධායකයන්ට සුභ පැතුම් එක්කරමින් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ, ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්ට සුරක්ෂිත, පහසු සහ සාර්ථක වන්දනා ගමනක් තහවුරු කිරීම සඳහා එම ආයතන සමඟ ඉදිරියේදී සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.














