ලබන වසරේ පැවැත්වීමට නියමිත 79 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා අමාත්ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
අග්රාමාත්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් සහ අදාළ අමාත්යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අනුකමිටුව පත් කිරීමට නියමිතයි.
ඒ සඳහා රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.
















