• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026
in දේශීය, පුවත්
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා රැස්වූ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
පුද්ගලයන් සහ සමාගම් බේරා ගැනීම, පුනරුත්ථාපනය කිරීම සහ වස්තුභංගත්වයට අදාළ නීති සංශෝධනය කිරීම හා ඒකාබද්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ හරහා (97 වන අධිකාරය වූ) වස්තුභංගත්ව ආඥාපනත ඉවත් කෙරෙන අතර 2007 අංක 07 දරන සමාගම් පනත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ද සංශෝධනය කිරීමට නියමිතය. වෘත්තීය ප්‍රමිතීන් සහ අධීක්ෂණ කටයුතු සහතික කිරීම සඳහා “වස්තුභංගත්ව නියාමන අධිකාරිය” ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
ණයගැතියා පුනරුත්ථාපනය සඳහා සූදානම් වන කාලය තුළ ණය හිමියාගේ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන තාවකාලික දින 60ක සහන කාලයක් හඳුන්වා දී තිබේ. මූල්‍යමය වශයෙන් පීඩාවට පත්ව සිටින නමුත් ගෙවීමේ හැකියාව ඇති ව්‍යාපාර බේරා ගැනීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා “පරිපාලන” ක්‍රියා පටිපාටියක් හඳුන්වා දෙනු ලැබේ. සීමිත ආදායම් සහ වත්කම් සහිත ණයගැතියන් සඳහා සරල, වේගවත් සහ අඩු වියදම් සහිත නඩු කටයුතු සඳහා පහසුකම් සැලසීම මෙහි තවත් විශේෂත්වයකි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාපටිපාටිය වඩාත් සරල හා ලාභදායී වන පරිදි සකස් කර ඇත.
ණය හිමියන් ආරක්ෂා කිරීමේ අරමුණින් වැරදි සහගත වෙළඳාම සහ වංචනික ගනුදෙනු වැළැක්වීමේ නීති ද මීට අන්තර්ගතය. මෙම කෙටුම්පත ලෝක බැංකු හවුල්කාරිත්වය සහ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම (UNCITRAL) විසින් ප්‍රවර්ධනය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සම්පාදනය කර තිබේ. පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ පාර්ශවකරුවන්ගේ අදහස් ද මෙහිදී සලකා බලා ඇති අතර පනත සම්මත වූ පසු එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන් සතු වන බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

Next Post

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

දැන් කවුරුත් කලබල වෙන්න එපා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ

2 May 2026
විදුලි පාරිභෝගිකයන්  96%කට සහනයක්

විදුලි පාරිභෝගිකයන් 96%කට සහනයක්

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන්  දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත්  ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

විවිධ පාර්ශ්වවල බලපෑම් හේතුවෙන් දේශීය ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා

2 May 2026
ඉන්දියාවේදී මංගල පෙරහැරේ  ගමන් ගත්  මනාලයෙකු වෙඩි තබා  ඝාතනය කෙරේ

ඉන්දියාවේදී මංගල පෙරහැරේ ගමන් ගත් මනාලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved