ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානීන් විසින් තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන්ට සිදුකළ බව කියන විශේෂ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදුවන වෙනස්කම්වලට සමගාමීව මෙම විමර්ශන සහ විශේෂ විගණනයක් ද ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.
පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් මාධ්‍යවේදීන් පිරිසකට මුදල් ලබා දෙමින් ඔවුන් නඩත්තු කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වී තිබුණි. මේ සඳහා සම්බන්ධ වූවා යැයි කියන මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් ද මීට පෙර ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර, ක්‍රිකට් ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම විමර්ශන ඉතා කඩිනමින් සිදු කිරීමට අපේක්ෂිතය.














