සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ විදෙස් ජාතිකයන් 1,093 දෙනෙකු මේ වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වසරවල දත්ත දැක්වූ ඒ මහතා සඳහන් කළේ 2024 වසරේදී සිදුවීම් 26කින් විදෙස් ජාතිකයන් 573ක් ද, 2025 වසරේදී සිදුවීම් 2කින් 26 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය. කෙසේ වෙතත්, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් 24කින් සැකකරුවන් 1,093 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම සියලු විදෙස් ජාතිකයන් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














