අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමත් සමඟ දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාමසේවා කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයක් මේ මස මුල් සතිය තුළ ප්‍රදර්ශනය කරන බවට රජය ප්‍රකාශ කළද, එම නාම ලේඛනය මෙතෙක් ප්‍රදර්ශනය කර නොමැති බව අස්වැසුම ප්‍රතිලාභ නොලද අයදුම්කරුවන් කියා සිටී. ගිණුම්වලට මුදල් බැර වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් මෙම නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබුණි.
නෝර්වුඩ්, තලවකැලේ, නුවරඑළිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභ අයදුම් කළ අය සහ ප්‍රතිලාභ ලැබී ගිණුමට මුදල් බැර නොවූ විශාල පිරිසක් සෑම දිනකම පැමිණ කරුණු විමසන බව වාර්තා වේ. එහෙත්, මෙතෙක් එම නාම ලේඛනය තම කාර්යාලය වෙත ලැබී නොමැති බව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පවසන බව අයදුම්කරුවෝ පෙන්වා දෙති.














