දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මෙහිදී ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, නුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 14 හි දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු වගකිවයුතු පාර්ශව කඩිනමින් කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. අද (15) සිට ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන සතියේ සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
ඒ අනුව ජාතික මර්දන වැඩපිළිවෙළ සඳහා පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ, වෙනත් රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රජා සංවිධාන සක්‍රීයව දායක කරගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර සාර්ථක අත්දැකීම් පාදක කරගත් නව වැඩපිළිවෙළක් සහ සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට නියෝග කළ අමාත්‍යවරයා, රෝග නිවාරණය සහ ප්‍රතිකාර සේවාවන් පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා කඩිනම් මාධ්‍ය වැඩසටහනක් සකස් කිරීමට ද මෙහිදී තීරණය කළේය.
මෙම ඩෙංගු මර්දන කටයුතු හදිසි සහ ප්‍රමුඛ සේවාවන් ලෙස සලකා අඛණ්ඩව හා වේගවත්ව ඉදිරියට පවත්වාගෙන යා යුතු බව
















