මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් “ආයුබෝ” දිනපතා ලොතරැයියෙන් ලැබෙන ආදායම සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සඳහා යොදා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
“ආයුබෝ” ලොතරැයිය ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට සෘජුවම ප්‍රතිපාදන ලබාදීමේ අරමුණින් මෙම ලොතරැයිය හඳුන්වා දී ඇති අතර, නවීන වෛද්‍ය උපකරණ හා තාක්ෂණය ලබා ගැනීමටත් හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහාත් එම මුදල් යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
“ආයුබෝ” ලොතරැයියේ පළමු දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස 2026 ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම අවස්ථාවේදී රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන “Patient Monitor” යන්ත්‍රයක්ද සංකේතාත්මකව ප්‍රදානය කර තිබෙනවා.
















