ඉඟිණියාගල පොලිස් වසමේ කෙත්සිරිගම ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු හේනට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මියගොස් ඇත්තේ කෙත්සිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ඉඟිණියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















