ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංවිධාන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද අතර, එහිදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනීම සහ එක් එක් ආයතන වෙත පැවරෙන වගකීම් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා සහ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














