කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ව්‍යාජ සමාගම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් රටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට මෙරට වාණිජ බැංකුවක නිලධාරියකු සෘජුවම සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වා තිබේ.
ව්‍යාජ සමාගම් 26ක් මෙහෙයවමින් ඩොලර් මිලියන 80ක් රටින් පිටකළ බව කියන මොහොමඩ් මුසාම්මිල් මොහොමඩ් ඉන්පාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව සඳහන් කර ඇත. ඩොලර් මිලියන 1000ක් විදේශගත කළේ යැයි කියන ප්‍රධාන ජාවාරමට සම්බන්ධ ව්‍යාජ සමාගම් 89ක් පිළිබඳව සිදු කරන විමර්ශනවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ට සෘජුවම සහාය දැක්වූ බැංකු නිලධාරියා සහ මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














