2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ල වූ මෙම විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූයේ අල්-කයිඩා (Al-Qaeda) ත්‍රස්ත සංවිධානයයි.
එම සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් විසින් සිවිල් ගුවන් යානා පැහැරගෙන ගොස් ඇමරිකාවේ ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ මෙම සැලසුම ක්‍රියාත්මක කරන ලදී.














