වියට්නාමයේ හැනෝයි නගරයේ Vinh Trang Pagoda විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා (29) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැවැති මෙම විශේෂ අවස්ථාවට ශ්‍රී ලාංකේය සහ වියට්නාම ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ සහභාගී වූහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, බෞද්ධ කොමසාරිස් ජනරාල් ආර්.එම්. සේනාරත්න මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
















