තායිලන්තයේ පතායා නුවරදී පැවති ‘මිස්ටර් යුනිවර්ස්’ (Mr. Universe) කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් පදක්කම් 12ක් දිනාගත් ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායම අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ජූනි 27 සහ 28 යන දෙදින තුළ රටවල් 47ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගනිමින් රටට කීර්තියක් අත්කර දුන්හ.
මෙම තරගාවලියේදී විශේෂ දක්ෂතා දැක්වූ අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්. කාවින්ද යන ක්‍රීඩකයින් වෘත්තීය මට්ටමේ තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය ‘ප්‍රෝ කාඩ්’ (Pro Card) පත් දෙක දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ. එසේම ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතා වෙත ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ ‘රන් සාමාජිකත්වය’ හිමිවීම ශ්‍රී ලංකා කායවර්ධන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














