දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය හෙට (ජූලි 03) දින අභිමානවත් ලෙස සමරයි.
වසර 90ක් පුරා සත්ව සුබසාධනය, විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණ අභිජනනය සහ පාරිසරික අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මෙම සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව පවසයි.
කාලාන්තරයක් තිස්සේ ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් මෙන්ම පාරිසරික දැනුම බෙදාහදා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ දෙහිවල සත්වෝද්‍යානය, මෙම සැමරුම හරහා සිය ඉතිහාසය සහ ඉදිරි දැක්ම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.














