නව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, එම ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් දැනට පවතින බස් ගාස්තු සංශෝධනය නොකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
















