හැටන් සිට බගවන්තලාව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අද (01) උදෑසන 6.00ට පමණ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාල ලැබූ කාන්තාව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















