ප්‍රසිද්ධ බස් නැවතුම්පොළවලදී පෞද්ගලික බස්රථවලින් නීති විරෝධී ලෙස මුදල් අය කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට නීතිමය බලයක් හෝ අවසරයක් නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
එවැනි මුදල් අය කිරීම් වැළැක්වීම සඳහා බස්රථ සේවකයන් දැනුවත් කර ඇති අතර, එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ශ්‍රී ලංකා පොලිසිය මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට 2026 ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
දැනට දිවයින පුරා පෞද්ගලික බස්රථ 19,646ක් ධාවනය වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නියාමනය කෙරෙන අතර, පළාත් තුළ ධාවනය වන බස්රථ අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය මඟින් නියාමනය කරනු ලබයි.














