කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ මහවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ නිවාස පෙළක ඇති වූ හදිසි ගින්නකින් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ග්රෑන්ඩ්පාස් සහ හෙට්ටියාවත්ත ගිනි නිවීමේ ඒකකවලට අයත් ගිනි නිවන රථ 5ක් යොදවා තිබූ අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ.
ගින්නට හේතුව සහ සිදුවූ දේපළ හානියේ වටිනාකම පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.














