ශ්‍රී පාදස්ථානය, කිකිළියාමාන සහ ඇල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වූ අතර, අදාළ ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනයන් කඩිනම් කරන ලෙස උපදෙස් දී ඇත.
මීට අමතරව, මැයි 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම ලබා දීම, වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම සහ කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී තීරණ ගෙන තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම මගින් විදේශීය ආකර්ෂණය වැඩිකිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.














