වත්මන් විපක්ෂය නියෝජනය කරන පිරිස් “මන්දමානසික” මට්ටමක පසුවන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැඩි විවේචනයක් එල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලයන් පස් හයදෙනෙකුට අරගල කිරීම මගින් තවදුරටත් ආණ්ඩු පෙරළීමට හැකි බවට විපක්ෂය මිථ්‍යා විශ්වාසයක පසුවන බවයි.
ජනතාව විසින් ලබාදුන් පැහැදිලි වරම හෑල්ලු කිරීමට විපක්ෂය උත්සාහ කරන බවත්, ඔවුන්ගේ මෙවැනි පටු දේශපාලන ක්‍රියාවන් ජනතාව තේරුම් ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














