ශ්රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ සංශෝධිත 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා ක්රම ලෙස ප්රකාශයට පත් කර තිබේ.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව, සිදුකළ විමර්ශනයකින් අනතුරුව Max App Media Ltd., එහි අනුබද්ධිත Max LK (Pvt) Ltd. සහ Max Media Lanka (Pvt) Ltd. යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත.
මහ බැංකුව විසින් නම් කර ඇති සමාගම් සහ යෙදුම් අතර Tiens Lanka Health Care, Qnet/Questnet, OnmaxDT, MTFE App, Fastwin, Sport Chain, Fruugo Online, Ledger Block, Beecoin App, Windex Trading, SGO සහ TM App ඇතුළු නම් රැසක් පවතී.
එමෙන්ම Best Life International, Global Lifestyle Lanka, Fast3Cycle International, Ride to Three Freedom, Era Miracle, Isimaga International, The Enrich Life, Smart Win Entrepreneur, Net Fore International, Pro Care, I.C.A.N. Advertising සහ Infinity Rover ඇතුළු ආයතනද අදාළ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
පිරමීඩ යෝජනා ක්රමවලට සම්බන්ධ වීමෙන් මුදල් අහිමිවීමේ අවදානමක් පවතින බැවින්, මුදල් ආයෝජනය කිරීමට පෙර අදාළ ආයතන පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.
















