මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 103,565ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්යාව 79ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.19%ක් එනම් රෝගීන් 54,046ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාව ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්යාව 21,828කි.
ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා නිවාස හා අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත්, උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් වෛද්ය උපදෙස් ලබා ගැනීමටත් ජනතාව අවධානය යොමු කළ යුතුය.
















