අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති ඉන්ධන අවහිර කිරීම් මධ්‍යයේ, සතියකටත් අඩු කාලයක් ඇතුළත කියුබාව පුරා දෙවන වරටත් සමස්ත විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.
විදුලිබල පද්ධතිය භාර රාජ්‍ය ආයතනය වන ‘Union Electrica de Cuba’ සඳහන් කරන්නේ, ඊයේ (10) පස්වරු 4:30ට මෙම විදුලි බිඳවැටීම ආරම්භ වූ බවයි. මෙම තත්ත්වයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. පසුගිය සඳුදා ද මෙවැනිම විදුලි බිඳවැටීමක් සිදු වූ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා කියුබාව පුරා සිදුවූ සමස්ත විදුලි බිඳවැටීම් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් ඇත.
කියුබාවේ විදුලි පහසුකම් පද්ධති දිනෙන් දින දිරාපත් වෙමින් පැවතීම සහ බහුතරයක් පද්ධති 1960 – 1980 අතර සමයට අයත් වීම හේතුවෙන් විදුලිය විසන්ධි වීම් එහි අසාමාන්‍ය තත්ත්වයක් නොවුණද, ජනවාරි මාසයේ සිට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට ලැබෙන විදේශීය තෙල් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වී තිබේ.
















