ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඊයේ දිනයට සාපේක්ෂව අද (02) දින ඇමරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 332.00 ක් ලෙස සටහන්ව තිබේ. එහි ගැනුම් අගය රුපියල් 323.53 ක් ලෙස කිසිදු වෙනසක් නොවී පවතින අතර, විකුණුම් අගය රුපියල් 332.51 සිට රුපියල් 332.52 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, වෙනත් මුදල් වර්ග කූට්ටමකට එරෙහිව රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී ඇති අතර, සමහර ගල්ෆ් මුදල් වර්ගවලට එරෙහිව එය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.














