ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ කේන්ද්‍රස්ථානයක් (Machinery Hub) ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (20) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ පස් සාම්පල් පරීක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් සහාය ලබාදීමට ද චීන නියෝජිත පිරිස එකඟතාව පළ කර ඇත.
නවීන තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රෝපකරණ භාවිතයෙන් අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවත්, එම පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය ප්‍රමුඛත්වය දෙන බවත් ඇමැති ලාල්කාන්ත මහතා එහිදී අවධාරණය කළේය.
තවද, පසු අස්වනු හානි අවම කරන උපකරණ සහ කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරන නවීන යන්ත්‍රෝපකරණ සමුපකාර සමිති, පෞද්ගලික අංශය සහ අනෙකුත් සංවිධාන හරහා ගොවීන් වෙත ලබාදීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
















