වායුගෝලීය තත්ත්වයන් ක්‍රමයෙන් හිතකර අතට හැරීමත් සමඟ හෙට (ඔක්තෝබර් 01) පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අවම හානි මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දී ඇත. මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
















