ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්ත ඉතිහාසයේ වාර්තාගත ඉහළම මිල ගණන් මෙම දිනවල සටහන්ව තිබේ. ඒ අනුව, මෙරට ප්‍රධාන කුරුඳු වර්ග දෙකක් වන ‘සී 4’ (C4) සහ ‘සී 5’ (C5) වර්ගවල කිලෝවක මිල ප්‍රථම වතාවට රුපියල් 5000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
පවතින දේශගුණික තත්ත්වයන් සහ වෙළඳපොළ ඉල්ලුම මත මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව කර්මාන්තයේ නිරත පිරිස් පෙන්වා දෙති. කුරුඳු අපනයන අංශයෙන් පසුගිය වසරවලදී අඛණ්ඩව ඉහළ ආදායම් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, මෙවැනි මිල වර්ධනයක් සිදුවීම දේශීය කුරුඳු වගාකරුවන්ගේ ආර්ථික ශක්තියට ඉහළ දායකත්වයක් ලබා දෙයි.














