දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී කොළඹදී ආරම්භ කරන ලද **City of Dreams Sri Lanka** ආයතනය, සිය සාර්ථක පළමු වසරක මෙහෙයුම පසුගියදා (ජූලි 31) සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය, මෙරට ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයද වේ.
ආරම්භයේ සිටම සුඛෝපභෝගී ආගන්තුක සත්කාරය, උසස් තත්වයේ ආහාර පාන, විනෝදාස්වාදය, වෙළෙඳසැල් මෙන්ම MICE (ව්‍යාපාරික සමුළු හා ප්‍රදර්ශන) පහසුකම් එකම වහලක් යටින් ලබා දෙමින් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට මෙම ව්‍යාපෘතිය සමත්ව ඇත. ඉන්දියාව, චීනය සහ මැද පෙරදිග වැනි රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ අවධානයක් මේ වන විට මෙයට යොමුව තිබේ.
NUWA සහ Cinnamon Life යන හෝටල් දෙක හරහා පරිසර හිතකාමී සහ වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කරන City of Dreams Sri Lanka, ඉදිරියේදී නව අත්දැකීම් සහ ජාත්‍යන්තර මට්ටමේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.














