හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදවා ප්‍රහාරයක් සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (30) ඇප නියම කර තිබේ.
රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් නියම කළද, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා එම චුදිතයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල මහතා නියෝග කළේය. මීට අමතරව, සතියේ 2 වැනි සහ 4 වැනි ඉරිදා දිනවල ත්‍රස්ත මර්දන කොට්ඨාසයට වාර්තා කිරීමට සහ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටද නියෝග කර ඇත.














