• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන ආධාරයෙන් හැදෙන කොළඹ සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම අදියර අවසන්

27 May 2026
in දේශීය, පුවත්
චීන ආධාරයෙන් හැදෙන  කොළඹ සහනදායී නිවාස ව්‍යාපෘතියේ  මහරගම අදියර අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී නාගරික පවුල්වල නිවාස සිහිනය සැබෑ කරමින්, චීන රජයේ පූර්ණ මූල්‍ය ආධාර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය (Structure) ඉදිකර අවසන් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් පසුගියදා සනිටුහන් කර තිබේ.
මෙම සමස්ත යෝධ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය නිවාස ඒකක 1,996 කින් සමන්විත වන අතර, ඉන් මහරගම කලාපය යටතේ ඉදිකෙරෙන නිවාස 112ක ප්‍රධාන කොන්ක්‍රීට් ව්‍යුහය ඉදිකිරීමේ කටයුතු මෙලෙස සාර්ථකව නිම කර ඇත. චීන රජයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road Initiative) සංකල්පයට සමගාමීව ලැබුණු ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාවගේ නාගරික ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ආරක්ෂිත නිවාස උරුම කර දීමයි.
ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් අවසන් වීම නිමිත්තෙන් පැවැති උත්සවයට ව්‍යාපෘති නියෝජිතයන් සහ දෙරටේම පාර්ශවකරුවන් රැසක් එක්ව සිටි අතර, එහිදී මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ඉහළ ඇගයීමකට ලක් කෙරුණි. CHEC සමාගම සඳහන් කරන්නේ ප්‍රධාන ව්‍යුහය නිම කිරීමත් සමඟ, ඉදිරි කාලසීමාව තුළ නිවාස හිමියන්ට ඒවා කඩිනමින් භාරදීම සඳහා වන අභ්‍යන්තර නිමවුම් කටයුතු (Finishing Works) සහ යටිතල පහසුකම් සැකසීමේ අවසන් අදියර මේ වන විට ආරම්භ කර ඇති බවයි.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ගැන්ග් (Wang Gang) මහතා කියා සිටියේ, “මෙම සන්ධිස්ථානය මඟින් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රජාවට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන උසස් තත්ත්වයේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට CHEC සමාගම සතු කැපවීමයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවන මෙවැනි සුවිශේෂී ව්‍යාපෘතියක ප්‍රධාන කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වනවා” යනුවෙනි.
Post Views: 6
Previous Post

මැදපෙරදිගින් ලංකාවට සල්ලි එවන්න DFCC වෙතින් අලුත් ක්‍රමයක් ඩුබායි හි AlfaNow සමඟ අත්වැල් බැඳගනී

Next Post

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුකරයේ අවසාන දේශන ජුනි 12 වනදාට

Editor TTV News

Editor TTV News

Next Post
හේමසිරි සහ පූජිත්ට එරෙහි  පාස්කු නඩුකරයේ  අවසාන දේශන  ජුනි 12 වනදාට

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුකරයේ අවසාන දේශන ජුනි 12 වනදාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved