අද (04) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සෙලාන් බැංකුවට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.25ක් දක්වා ද විකුණුම් මිල රුපියල් 342ක් දක්වා ද ඉහළ ගොස් ඇත. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 330.94ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340.31ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම එන්.ඩී.බී (NDB) බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 339ක් වන අතර එහි ගැණුම් මිල රුපියල් 330කි. කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙළින් රුපියල් 328.44ක් සහ රුපියල් 339.50ක් ලෙස දැක්වේ. සම්පත් බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 330.50ක් සහ විකුණුම් මිල රුපියල් 339.50ක් ලෙස සටහන්ව තිබේ.
















