රජයේ ලාංඡනය පවා අනිසි ලෙස භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී ඔන්ලයින් කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානවල ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) දැඩි අවධානයක් යොමු කර තිබේ.
විශේෂයෙන්ම ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව ආවරණයන් අතරතුර මෙවැනි ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් ආර්ථික කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.
මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් COPF මඟින් ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු අදාළ රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. රජයේ ලාංඡනය පවා යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම ජාවාරම් ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර නොමඟ යවන බවත්, ඒ පිළිබඳව වගකිවයුතු ආයතන නිහඬව සිටීම පිළිගත නොහැකි බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
















