27 April 2024
#ක්‍රීඩා

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති 20/ 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවිය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

ඊයේ පැවැති තඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී රැස්කර ගත්තේ ලකුණු 81ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පිටියේ පන්දු රැකීම හමුවේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 නිමාවෙද්දී කඩුලු 8කට ලකුණු 81ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක ඉලක්කයක් ඉතිරිකර තබමින්.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 තුලදී කඩුලු 04 ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *