27 April 2024
#විදෙස්

ටියුනිසියාවේ අගමැති නෙරපු ජනපතිට දැඩි විරෝධයක්

ටියුනීසියානු ජනපති කයිස් සයිඩ් විසින් පසුගියදා එරට අගමැති හිචෙම් මෙචිචි ( Hichem Mechichi) නෙරපීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් හා කොරෝනා වෛරසය පාලනය කිරමට අසමත් වීම හේතුවෙන් එරට ජනතාව අතර දැවැන්ත විරෝධතා ආරම්භ කර ඇති බවය.

විරෝධතා පාලනයට ටියුනීසියානු පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

රටේ කළබලකාරී තත්වය පහව ගිය පසුව නව අගමැතිවරයෙකු පත් කිරීමට බලාපොරොත්තු වන බව ටියුනිසියානු ජනපතිවරයා සඳහන් කර ඇත.

එසේම ජනාධිපතිවරයා විසින් තවත් නිලධාරින් කිහිප දෙනෙකුද සේවයෙන් ඉවත් කිරීමට නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ ටියුනසියාවේ ජනාධිපති

 

63 හැවිරිදි හිටපු නීති කථිකාචාර්යවරයෙක් බවයි. 2019 ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ දේශපාලනයට නවකයෙක් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *