පසුගිය කාලය පුරාම මොරටුමුල්ලෙන් හමුවූ කඳ නැති මිනිස් හිස, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පාතාල වෙඩි තැබීම්, මරණ තර්ජන, අමානුෂික ළමා දූෂණ සහ කප්පම් ලබා ගැනීමේ සිදුවීම් හමුවේ සමාජය තුළ දැඩි කම්පනයක් සහ අනාරක්ෂිත භාවයක් නිර්මාණය වී ඇත. දිනෙන් දින ඉහළ යන මෙවැනි අපරාධ රැල්ල හමුවේ “ලංකාවට මොකද වුණේ?” යන පැනය සාමාන්‍ය ජනතාව අතර බරපතළ ලෙස මතු වී තිබේ.
රටක පුරවැසියාගේ ජීවිතයේ ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයක මූලික වගකීම වන මුත්, වර්තමානයේ සිදුවන මෙම ව්‍යසනකාරී අපරාධ හමුවේ රටේ අනාගතය පිළිබඳව ජනතාව බරපතළ ලෙස මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ අදාළ බලධාරීන් විසින් වඩාත් දැඩි සහ ක්‍රියාශීලී පියවර ගත යුතු බවට බුද්ධිමතුන් සහ පුරවැසියන් නිරන්තරයෙන් අවධාරණය කරනු ලබයි.
















