ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) පවතින ගැටලු විසඳීම සහ ආයතනය නැවත ලාභ ලබන තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම මාර්ගවල මගීන් වැඩිපුර ගමන් ගන්නා ගමන්වාර (Trip) සංඛ්‍යාව අඩු වීම බවයි. මෙම තත්ත්වය මගහරවා ගැනීමට සහ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
මෙම නව වැඩපිළිවෙල යටතේ ලංගම තුළ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමටත්, සේවකයින්ගේ වැටුප් ගැටලු සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා විසඳා ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සාධනීය පියවර ගැනීමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව, ලංගම ජනතාවට වඩාත් සේවාවන ආයතනයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය.
















