සැප්තැම්බර් මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා එය ඉක්මවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.
ඒ අනුව, සැප්තැම්බර් මාසය සඳහා රේගුවට ලබාදී තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය ඊයේ (22) වනවිට සපුරා ගනිමින් රුපියල් මිලියන 199,348ක ආදායමක් රැස්කරගෙන ඇති බව සඳහන්.
මේ වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට නියම කර ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995ක් වන අතර, ඊයේ වනවිට රුපියල් බිලියන 2,058.033ක සමස්ත ආදායමක් වාර්තා කිරීමටද රේගුව සමත්ව තිබෙනවා.
මේ අතර, 2025 වසරේදීද ශ්‍රී ලංකා රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා යමින් රුපියල් බිලියන 2,557.535ක ආදායමක් වාර්තා කර තිබුණා.
















