22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතැමුන් විරුද්ධ වන්නේ නීතියෙන් පැන යාමට අවශ්‍ය නිසා බවද, එහෙත් සමගි ජන බලවේගය ඊට විරුද්ධ වන්නේ එයින් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ වන බැවින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කර තිබේ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි ලෙස පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















