මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
ඒ අනුව, මේ වන විට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු වාර්තා වී ඇති අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින 4 තුළ පමණක් රෝගීන් 737 දෙනෙකු වාර්තා වී තිබේ. ලැබී ඇති දත්තවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964 කි. පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, සමස්ත රෝගීන්ගෙන් 52.84% ක ප්‍රතිශතයක් එනම් රෝගීන් 50,851 ක් ඉන් වාර්තා වී ඇත. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,950 ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,818 ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,925 ක් ලෙසද වාර්තා වී තිබේ.














