පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිල දත්තවලට අනුව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 28,713 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ වන විට ඩෙංගු වැළඳීමෙන් මරණ 15ක් ද වාර්තා වී ඇති බවයි. වර්ෂාවත් සමඟ නිවාස හා පොදු ස්ථානවල ජලය රැඳෙන පරිශ්‍ර වැඩිවීම මීට සෘජුවම බලපා ඇති අතර, වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වී මදුරුවන් බෝවන ස්ථාන සුද්ධ පවිත්‍ර කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට මතක් කර සිටියි.













